මෙම මාසය සඳහා පවතින ඉන්ධන අවශ්‍යතාව පිළිබඳ ඛනිජ තෙල් සංස්ථාව තක්සේරු කර තිබෙනවා.
ඒ අනුව ඩීසල් මෙටි්රක්ටොන් ලක්ෂ දෙකක්ද, 92 වර්ගයේ පෙට්‍රල් මෙටි්රක්ටොන් එක්ලක්ෂ විසිදහසක් ද අවශ්‍ය බවටයි හඳුනාගෙන ඇත්තේ.
ඉන් අඩකට වැඩි ප්‍රමාණයක් පසුගිය දින 15 තුළ බෙදාහැරීමට කටයුතු කළ බවයි ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ.
මේ අතර ගෑස් නැව් සඳහා මුදල් ගෙවීම සිදු කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව ගෑස් ගොඩබෑමේ කටයුතු අද සිට සිදුවන අතර බෙදාහැරීම් ද නියමිත පරිදි සිදු වනු ඇති බවයි වාර්තා වන්නේ.
More Stories
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්