ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට අදාළව ඊයේ පැවැති තරගයකදී ලෝක වාර්තාවක් බිහි කිරීමට මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩිකාවක සමත් වුණා.
තරගය පැවැත්වුණේ බහරේන් කණ්ඩායම සහ සෞදි අරාබියානු කණ්ඩායම අතරයි.
මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩිකාවක වන දීපිකා රසාංගිකා නායකත්වය දරන බහරේන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර ඔවුන් නියමිත පන්දු වාර 20 අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 318 ක් රැස් කළා.
එය කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් විස්සයි 20 තරගයකදී කුමන හෝ රටකට රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක් වනවා.
එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දීපිකා රසාංගිකා පන්දු 66 කදී වේගවත් ලකුණු 161 ක් රැස් කළ අතර එය සැලකෙන්නේ විස්සයි 20 තරගයකදී ලකුණු 150 ඉක්මවා ලබාගත් පළමු පිතිකරුවා ලෙසයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සෞදි අරාබියට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුඵ 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 48 ක් පමණයි
ඒ අනුව මෙම තරගය ලකුණු 269 කින් ජය ගැනීමට බහරෙන් කණ්ඩායම සමත් වුණා.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි