සෑම මැතිවරණ කොට්ඨාසයක්ම ඉලක්ක කර එකවර විරෝධතා ව්‍යාපාර 150 ක් ක්‍රියාත්මක කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.
අපේ‍්‍රල් 07 වනදා පෙරවරුවේ එම විරෝධතා ව්‍යාපාර පැවැත්වෙන බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ.
මේ අතර මෙවර මැයි දිනය මහනුවරදී පැවැත්වීමටයි සමගි ජන බලවේගය තීරණය කර ඇත්තේ.
මැයි පළමුවනදා පස්වරු එකට එය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර සෑම පළාතකින්ම නියෝජිතයන් ඊට සහභාගීවීමට නියමිතයි.
සමගි ජනබලවේගයේ ජාතික සමුළුව ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වීමටත් සැළසුම් කර ඇති බවයි තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් කියාසිටියේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ