ඇමතිවරුන්ට අස්වන ලෙස ජනතාව බල කළ යුතුයි

වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස මැති ඇමතිවරුන්ට ජනතාව බල කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

වත්මන් ආණ්ඩුව අඳුරු ඉරනමකට ඇද වැටී ඇති බවත් එවැනි ආණ්ඩුවකට රටක් බේරාගත නොහැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com