එංගලන්තයේදී පැවැත්වෙන ‘ද හන්ඩ්රඩ්’ ක්රිකට් තරගාවලියේ ක්රීඩක වෙන්දේසියේ ශ්රී ලංකා ක්රීඩක වනිදු හසරංග පවුම් 100,000ක වටිනාකමකට වෙන්දේසි වී තිබේ.
එම වටිනාකම ආසන්න වශයෙන් ශ්රී ලංකා රුපියල් තුන්කෝටි විසි නව ලක්ෂයක් වන අතර ඒ අනුව වනිඳු විසින් ‘මැන්චෙස්ටර් ඔරිජිනල්ස්’ කණ්ඩායම නියෝජනය කරනු ඇත.
පෙරේදා (05 වැනිදා) පැවැති මෙම තරගාවලියේ ක්රීඩක වෙන්දේසියේදී හසරංගව පවුම් 50,000 කාණ්ඩය යටතේ ඉදිරිපත් වුවද පසුව ඔහුව පවුම් 100,000ක වටිනාකමක් යටතේ මිල දී ගැනීමට මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කණ්ඩායම කටයුතු කිරීම කැපී පෙනෙයි.
එම කණ්ඩායමට වනිදු හැරුණු විට ඇන්ඩ්ර රසල් සහ ෂෝන් ඇබෝර්ට් විදෙස් ක්රීඩකයන් ලෙසින් ඇතුළත්ව තිබේ.
රසල් පවුම් 125,000කට අලෙවී වී ඇති අතර ඇබෝර්ට් යූරෝ 60,000 කට අලෙවි වී තිබේ.
ඔවුන්ට අමතරව මෙම තරගාවලිය සඳහා සුනිල් නරේන් සහ ඩ්වයින් බ්රාවෝ වැනි ක්රීඩකයන්ද තරග වැදීමට නියමිතය.
මෙම තරගාවලියේ පළමු අදියර ඉකුත් 2021 වසරේදී පැවැති අතර එම තරගාවලියේ ශූරතාව මහේල ජයවර්ධනගේ පුහුණුකාරිත්වයෙන් යුත් සදර්න් බ්රෙව් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. මෙම තරගාවලිය ලබන අගෝස්තු මාසයේදී ආරම්භ වීමට නියමිතය.
More Stories
ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි