ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රදේශ දෙකකදී මියගොස් තිබෙනවා.
අද (10) උදෑසන වෙන්නප්පුව ප්‍රදේශයේ ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි පුද්ගලයෙකු ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් එම ස්ථානයේ මෝටර් රථය තුළම මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි වියේ පසු වූ කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර ඉන්ධන ලබා ගැනීමට දංකොටුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් වෙත පැමිණි පුද්ගලයෙකු අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇදවැටී මියගොස් තිබෙනවා. මියගිය පුද්ගලයා 47 හැවිරිදි ගෝනවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්