ජනතාව ගෑස් ලබාදෙන ලෙස ඉල්ලා ආරම්භ කල විරෝධතාවයක් හේතුවෙන් ගාලු පාර, අහුංගල්ල ප්‍රදේශයෙන් අවහිර වී තිබේ.
විරෝධතාකරුවන් ගෑස් සිලින්ඩර, මාර්ගය හරස් කර තබා විරෝධතාවයේ නියැලෙන අතර පොලීසිය පැමිණ තත්ත්වය පාලනය කිරීමට උත්සහ කළ ද විරෝධතාකරුවන් පවසා සිටියේ, ගෑස් ලබාදෙන තුරු මාර්ගයෙන් ඉවත් නොවන බවයි.
කොළඹ – ගාල්ල මාර්ගය භාවිත කරන රථ වාහන රියදුරන් අහුංගල්ල ප්‍රදේශය මඟ හැර විකල්ප මාර්ග හරහා ගමන් කරන ලෙසයි පොලීසීය දැනුම්දෙයි.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්