අර්බුදය විසදීමට සියලු පියවර ගන්නා බවට සහතිකයක්

පවතින අර්බුදය ජයගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.

පවතින අර්බුදයෙන් රට ගොඩනැගීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂවලට ආරාධනා කළ ද ඔවුන් ඉදිරිපත් නොවූ බැවින් පාලනයේ සිටින රජය ලෙස එම වගකීම භාරගෙන කටයුතු කරන බව ද මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා.

ජනතාව මහා මාර්ගවල විරෝධතාවල නිරතවන සෑම අවස්ථාවක ම රටට ඩොලර් ලැබීමට ඇති අවස්ථා අවහිර වන බව ද පෙන්වා දුන් අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙවන් අවස්ථාවක වහා සිදු කළ යුත්තේ රට පත්ව ඇති තත්වයෙන් ගොඩ ගැනීමට සියලූදෙනා කැපවීමෙන් කළ යුතු බවයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com