අද ගාලුමුවදොර ඉදිරිපිට පැවති මහජන විරෝධතාව සඳහා මෙරට හිටපූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපළක් වන රොෂාන් මහානාම සහ චම්පික රාමනායක අද (13) එක් වුණා.
මින් ඉදිරියට දේශපාලඥයින් මහජන සේවකයින් ලෙස සැලකිය යුතු බව ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසනවා. මේ තුළින් ජනතාව එකමුතු වූ බවත් දේශපාලඥයින් මේ අවස්ථාවේ බල තණ්හාව අතහැර කටයුතු කළ යුතු බවද රොෂාන් මහානාම සඳහන් කළා.
එසේම එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ චම්පික රාමනායක සඳහන් කළේ, මේ සඳහා මෙරට සියලු දෙනා මහජනතාවට සහයෝගය දැක්විය යුතු බවයි
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ