2022 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම ලබන 19 වනදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
දිවයින පුරා පාසල්වල විදුහල්පතිවරුන් වෙත ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර ඇති බව එම අමාත්‍යංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ලලිතා එගොඩවෙල මහත්මිය පැවසුවේය.
කෙසේවෙතත් අභියාචනා ලැයිස්තු සම්බන්ධයෙන් ගැටලු පවතින පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ කටයුතුවල යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව අතිරේක ලේකම්වරිය පැවසුවාය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්