වසර 100කට වඩා පැරණි වෙළෙඳ නාමයක් යටතේ වාහන නිෂ්පාදනය නවතා දැමීමට ජපානයේ ප්‍රකට වාහන නිෂ්පාදන සමාගමක් තීරණය කර තිබේ.
“Datsun” නමින් මින් ඉදිරියට වාහන වෙළෙඳපොළට නිකුත්කිරීම නිසාන් සමාගම නවතා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව නිසාන් සමාගමට ලොව පුරා සිය සන්නාමය ප්‍රකට කර ගැනීමට උපකාරී වූයේ “Datsun” නාමය බව පිළිගත් මතයකි.
ලොව පුරා වාහන මිලියන ගණනක් විකිනුවද “Datsun” ක්රමාණුකූලව වෙළෙඳපොළෙන් බැහැර කිරීමට නිසාන් සමාගම කටයුතු කළ නමුත් දශක තුනකට පසුව එම නාමය නැවත වරක් හඳුන්වාදීමට නිසාන් සමාගම කටයුතු කළේය.අපේ ඩී එන් ඒ එකේ වැදගත් කොටසක් “Datsun” සතුයි යනුවෙන් එහිදී නිසාන් බලධාරීන් පැවසීය.
නමුත් දැනට නිෂ්පාදනය කර ඇති “Datsun” රථ විකිණීමටත් එහි පාර්භෝගිකයින්ට අවශ්‍ය පසු-සේවා සැපයීමටත් එම සමාගම තීරණය කර ඇති බව නිසාන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක අසුසා මොමොසේ පැවසීය.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ