වර්තමාන ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා සිය ධූරයන් වලින් ඉවත්ව නව ජනාධිපතිවරයෙක් සහ අග‍්‍රාමාත්‍යවරයෙක් පත් කර ගැනීමට පාර්ලිමේන්තුවට බලය පැවරිය යුතු බව පසුගියදා ස්වාධීන වු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.
පාර්ලිමේන්තුව නියෝජනය කරන අනිකුත් දේශපාලන පක්ෂ වර්තමාන ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා යටතේ ආණ්ඩුවක් සෑදීමට සූදානම් නොමැති බවයි මන්ත‍්‍රීවරිය සඳහන් කරන්නේ.
රටේ පවතින අර්බුධය හමුවේ තමා ඉතා සංවේදී වන බව සහ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද ඇය සඳහන් කරනවා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ‍්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ