රුපියල් මිලියන 517 කට අධික වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණවලින් සමන්විත ටොන් 3 ක පමණ මානුෂීය ආධාර තොගයක් මෙරටට සැපයීම සඳහා ඉන්දුනීසියාව එකගත්වය පළ කර තිබෙනවා.
මෙරට ඉන්දුනීසියානු තානාපති දේවි ගුස්ටිනා ටොබින්ග් මේ බව සදහන් කළේ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සමග පැවති සාකච්ඡාවකදී.
ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක් පමණ වන මෙම මානුෂීය ආධාර තොගය අදියර දෙකක් යටතේ මෙරටට හිමිවනු ඇති.
එහි පළමු කොටස අද දින ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් ඉන්දුනීසියාවේ ජකර්තා හි සිට කටුනායකට ගෙන්වීමට නියමිතයි.
ඉතිරි තොගය ලබන මස 8 වැනි දින රැගෙන ඒමටයි සැලසුම් කර ඇත්තේ.
අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව එරට රජය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්දුනීසියානු නියෝජිත කාර්යාලය සමඟ සාකච්ඡා කර ආධාර ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ