ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන අංගොඩ ලොක්කගේ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් සඳහා යොදාගත් බව කියන උකුස්සෙකු මීගොඩ නාවලමුල්ල, කනත්තපාරේ පිහිටි සත්ව ගොවිපලක සිටියදී සොයා ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශ නිලධාරීන් භාරයට ගත් එම උකුස්සා බත්තරමුල්ල, වනජීවී හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන් හට භාර දුන්නා.
එහිදී සත්ව ගොවිපලේ සිටි පුද්ගලයින් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැනීමටයි වැටලීම සිදු කළ නිලධාරීන් කටයුතු කළේ.
විදෙස් රටක සිට බෝට්ටුවක ආධාරයෙන් මෙරටට ගෙන්වා ගත් එම උකුස්සා ජාවාරම් කටයුතු සඳහා පුහුණු කර ඇති අතර උකුස්සට කිලෝ ග්‍රෑම් 10ත් 15ත් අතර ප්‍රමාණයක් රැගෙන පියාසර කිරීමේ හැකියාව පවතින බව වනජීවී නිලධාරීන් සඳහන් කළා
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති