පෞද්ගලික ඉන්ධන බවුසර් රථ හිමියන් සේවාවලින් ඉවත් වුවහොත් රජය සතු බවුසර් සහ ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ බවුසර් යොදා ගනිමින් ඉන්ධන බෙදා හැරීම සිදු කරන බව රජය පවසනවා.
මෙරට ඉන්ධන ප්‍රවාහන කටයුතු අංශ 03ක් යටතේ සිදුකරනු ලබනවා. ඒ රජය සතු රථ, ඉන්ධන පිරවුම්හල් හිමියන් සතු රථ හා පෞද්ගලික බවුසර් රථ හිමියන් මඟින්.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ පෞද්ගලික බවුසර් රථ හිමියන් සේවයෙන් ඉවත් වුණොත් අනිකුත් අංශ දෙක යොදාගනිමින් ඉන්ධන ප්‍රවාහන කටයුතු කිරීමට කටයුතු කරන බවයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 2021 ජූලි මාසයේ 05 වනදා සිට 05 වතාවක් පෞද්ගලික බවුසර් රථ හිමියන්ගේ ගාස්තු ඉහළ දමා ඇති බවයි. ඒ සඳහා සියලු දෙනා එකඟ වූ මිල සූත්‍රයක් භාවිත කළ බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්