රාමසාන් දිනය අදයි

රාමසාන් උත්සවය අදයි.

දින 30 ක කාලයක් නිරාහාරව සිට උපවාස ශීලය රැකීමෙන් පසු එළඹෙන දිනයේදී ලොව පුරා ඉස්ලාමීය බැතිමතුන් රාමසාන් උත්සවය සමරනු ලබනවා.

මාසයක් පුරා පැවැත්වෙන රාමසාන් උපවාස සමය තුළ එය රකින අයට කුසගින්න යනු කුමක්දැයි හරි හැටි ප‍්‍රත්‍යක්ෂ වන බවයි ශුද්ධ වූ අල් කුරානයේ දැක්වෙන්නේ.

මෙරට ඉස්ලාම් භක්තිකයින් රාමසාන් කාලය තුළ අලුයමින් පිබිද මුව කට සෝදා හිරු උදාවීමට පෙර උපවාස ශීලය ආරම්භ කරනු ලබනවා.

සවස් කාලයේ හිරු බැස ගිය පසු ආහාර පාන පිළියෙල කර දවසේ එකම ආහාරය අනුභව කරන අතර මෙම උපවාසය වයස අවුරුදු හතට අඩු කුඩා ළමුන්, රෝගීන් හා බෙහෙවින් වයස්ගත දුර්වල අය හැර ස්තී‍්‍ර පුරුෂ, දුප්පත්, පොහොසත් යනාදී කවර භේදයකින් හෝ තොරව සියඵ දෙනා විසින් රැකිය යුතු වනවා.

දින 30 කට පසු නව සද බැලීමෙන් අනතුරුව සුපුරුදු පරිදි උදෑසන ශීලයෙන් මිදී දේවස්ථානවලට ගොස් අල්ලා දෙවියන් සිහි කර යාඥා කිරීමෙන් පසු නිවෙස්වලට පැමිණ එය උත්සවාකාරයෙන් සමරනු ලබනවා.

ප‍්‍රධාන යාඥා මෙහෙය කොළඹ මහ පල්ලියේ දී සිදු කිරීමට නියමිතයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com