ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට සහයෝගය දක්වමින් රටේ සාමය පවත්වාගෙන යෑමට උදව් වන්නැයි යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
රටේ සාමය ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.
රටේ සාමය ආරක්ෂා කිරීම සඳහා මුළු දිවයිනටම හෙට දිනය දක්වා ඇඳිරි නීතිය පනවා ඇති බවත් එම කාලසීමාවේදී ඒ නීතියට ගරු කරමින් කටයුතු කිරීම සෑම පුරවැසියකුගේම වගකීම බවත් යුද හමුදාපතිවරයා කීවේය.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ