පොලිස්පතිවරයා හා යුද හමුදාපතිවරයා අද (11) මානව හිමිකම් කොමිසමට කැඳවා තිබෙනවා. ඒ අනුව ද පෙරවරු 10.00 ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි ඔවුන්ට දැනුම්දී ඇති බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කළේ.
ජනතාවට සහ ඔවුන්ගේ නිවෙස්වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට හා නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් මෙහිදී අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසීමට නියමිතයි.
මේ අතර රට තුළ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් කරුණු විමසීමට බුද්ධි අංශ ප්‍රධානි, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ හෙට (12) මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබෙනවා.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්