වෙසක් පුන් පොහෝ දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොවන බවත් හෙට (14දා) පැය පහක විදුලි කප්පාදුවක් සිදු නොවන බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසා ඇත.
මේ වන විට සියයට 60ක පමණ විදුලි ධාරිතාවක් කුඩා ජලවිදුලි බලාගාර, සුළං බලාගාර හා වහල මත සවිකර ඇති පුනන්ජනනිය බලශක්ති ප්‍රභවයන් මගින් ලබා ගන්නා බවත් මහජන උපයෝගීත් කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
ඒසේම ඉදිරි මාස දෙක තුන කාලය තුළ පැය 10-12ක විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති බවත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව හා දැනට අක්‍රීයව ඇති නොරෙච්චෝල බලාගාරය යථා තත්තයට පත්වීම හරහා සුබ දායක තත්ත්වයක් ඇතිවෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්