ඉස්ලාම් බැතිමතුන්ගේ උත්කර්ශවත් ආගමික සැමරුම, හජ් උත්සවය අදට යෙදී තිබෙනවා.
ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රමුඛ අරමුණයි.
හජ් උත්සවය නිමිත්තෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ මුළු ලොවම වෙලාගෙන ඇති කොවිඩ්-19 වසංගතය හමුවේ මෙවර සුපුරුදු පරිදි මක්කම වන්දනාව කිරීමට මුස්ලිම් ප්‍රජාවට නොහැකි වුවද එකී වන්දනාව තුළින් පිලිඹිබු වන අල්ලා දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්වය සිහිපත් කරමින් සහජිවනය තවදුරටත් වර්ධනය කර ගැනීමට අද දවස උපකාර වනු ඇති බවයි.
මේ අතර, කොවිඩ්-19 ගෝලීය වසංගතය හමුවේ පවතින අර්බුදකාරී තත්ත්වය මැද යහක්‍රියාවල යෙදී හජ් උත්සවය චාම් අන්දමින් සමරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
එමෙන්ම, ඉස්ලාමීය මඟ පෙන්වීම නිසි ලෙස අනුගමනය කරමින් අප මාතෘ භූමිය හා ලෝකවාසීන් මෙම වසංගතයෙන් ආරක්ෂා කර දෙන ලෙස අල්ලාහ් දෙවියන්ගෙන් අයැද සිටිය යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
More Stories
පොසොන් පොහෝ දින අද
ඔබ සැමට සුබ වෙසක් දිනයක් වේවා
වෛශාඛ වේසාඛ වෙසක්