අද රාත්‍රී 8 සිට දිවයිනටම ඇඳිරි නීතිය

අද (16) රාත්‍රී 8.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව ඇඳිරිනීතිය පනවා ඇති කාලසීමාවේදී බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නොමැති බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

මහජන ප්‍රතිචාර

WP Twitter Auto Publish Powered By : XYZScripts.com