ගෑස් නෞකා දෙකක් සඳහා මුදල් ගෙවීම් සිදුකර ඇති බව ලිට්රෝ සමාගම සදහන් කළා.
ඒ අනුව ගෑස් මෙට්‍රික් ටොන් 2800ක තොගයක් සහිත නෞකාවෙන් ගෑස් ගොඩබෑම අද රාත්‍රියේ සිට ආරම්භ කෙරෙන බව සදහන්.
ලිට්රෝ සභාපති විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේ හෙට දිනයේ සිට දෛනිකව ගෘහස්ත ගෑස් සිලින්ඩර අසූ දහසක් බෙදාහැරීමට කටයුතු යොදා ඇති බවයි.
ඉදිරි දින 3න් පසු බාධාවකින් තොරව ප්‍රමාණවත් පරිදි අඛණ්ඩව පෙට්‍රල් ලබා දීමේ කටයුතු සිදුකල හැකි බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ක්‍රිෂාන්ත වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කළා.
ඉදිරි දින කිහිපය සඳහා ප්‍රමාණවත් ඩීසල් තොග මේ වනවිට රට තුල පවතින බවයි ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කළේ.
මේ අතර, ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සිට දිවයින පුරා පිරවුම් හල් වලට ඇනවුම් කර ඇති ඩීසල් තොග බෙදාහැරීමේ කටයුතු මේ වන විට අඛණ්ඩව සිදු කෙරෙන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ