ලබන 19, 20 සහ 21 යන දිනවල පැය 3යි විනාඩි 40ක විදුලි කප්පාදුවක් කිරීම සදහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.
ඒ අනුව A සිට W දක්වා කලාප 20 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක් බැගින්ද පස්වරු 05 සිට රාත්‍රී 10 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින්ද විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.
කොළඹ නාගරික කලාපයට පෙරවරු 06 සිට පෙරවරු 09 දක්වා පැය 03 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව ඇත.
M, N, O, X, Y සහ Z යන කලාපවලට අලුයම 05 සිට පෙරවරු 08 දක්වා පැය 03 ක විදුලි කප්පාදුවක් හෙට (19) දිනයේදී බලාත්මකයි.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්