හෙට (23) දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරු පිරිසක් අමාත්‍යධුරවල දිවුරුම් දෙනු ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා,
“අගමැතිවරයා පත්කරලා සතියකින් විතර ඇමතිවරු 4 දෙනෙක් පත්කරනවා. ආයේ සතියක් ගිහිල්ලා 9දෙනෙක් පත්කරනවා. මට ආරංචි විදිහට සඳුදා තව කිහිපදෙනෙක් පත්කරනවා. මොකක්ද මේ කරන්නේ. ඇමදාන්නේ. එනවනම් ඉක්මනින් එන්න කියලා කියන්නේ. මේ පරණ පුරුදු සෙල්ලමනේ. මොකද කළේ සජිත්ගේ පක්ෂයෙන් දෙන්නෙක් ගත්තා. තව තියෙනවා. තව යයිද දන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පක්ෂයක් ලෙස ලිපියක් දීලා කිව්වා අපි සහාය දෙන්නම් කියලා. ඒත් හොරෙන් ගන්නවා. ඊයේ නිමල් සිරිපාල සඳුදා මහින්ද අමරවීර මම දන්න විදිහට.. තව ඕනේනම් ලසන්නත, දුමින්ද දිසානායක, චාමර සම්පත් බලන්නකෝ වෙන්නේ මොකක්ද කියලා.”
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ