අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
මේ වන විට රට තුළ පවතින බරපතළ ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා වහාම මුදල් ඇමතිවරයෙකු පත් කර ගැනීමේ අවශ්‍යතාවක් මතු වී තිබෙන බවයි රජයේ පාර්ශවයන් සඳහන් කරන්නේ.
මේ අතර දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබාදෙන ලෙස මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉල්ලීමක් කර තිබුණා.
ඒ අද පාර්ලිමේන්තුවේ පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී.
මේ මොහොතේ වත්මන් ආර්ථික තත්ත්වය තුළ පවතින සැබෑ යථාර්ථය නොසඟවා ජනතාවට පවසන ලෙසයි ඔහු එහිදී සදහන් කළේ.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ