ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

එක්දින හා සාමාන්‍ය සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමට පැමිණීමේදී කලින් දිනයක් හා වේලාවක් වෙන් කරගෙන පැමිණෙන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ පසුගිය 17 වැනිදා සිට එය අනිවාර්යය වුවද සේවාලාභින් බොහෝ පිරිසක් කලින් දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමකින් තොරව සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන බවයි.

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක් දින හා සාමාන්‍ය සේවය යටතේ මින් ඉදිරියට කලින් දිනයක් හා වෙලාවක් වෙන් කරගත් අයදුම්කරුවන් සඳහා පමණක් සේවා සැපයීම සිදු කරන බව එම නිවේදනයේ සඳහන්.

දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මඟින් හෝ 0707 1010 60 දුරකතන අංකය ඇමතීම හරහා දිනයක් හා වෙලාවක් වෙන් කරගත හැකියි.

රජයේ වැඩ කරන දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්වා අදාළ පහසුකම් සපයා තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com