ඖෂධ මිලදී ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 2 ක්.

අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට ආධාර කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ක්‍රිකට් විධායක කමිටුව රැස්වී මෙම පරිත්‍යාගය අනුමත කර ඇති අතර ඒ යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් පරිත්‍යාග කිරීමට නියමිතයි.

ඒ අනුව රිජ්වේ ආර්යා ළමා රෝහලට සහ ජාතික පිළිකා රෝහලට ඩොලර් මිලියනය බැගින් හිමිවනු ඇති.

වත්මන් විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක් මෙරට මුදලින් රුපියල් මිලියන 718 ක් පමණ වනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com