වරින් වර බිත්තර මිල වැඩි වීමත් සමග මේ වනවිට රටේ සමස්ත බිත්තර පරිභෝජනය සියයට අසූවකින් (80%) පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක ‘අරුණ’ට පැවසුවේය.
එමෙන්ම ග්‍රාමීය මට්ටමෙන් පවත්වාගෙන ගිය බිත්තර ගොවිපොළ සියයට අසූවක් (80%) සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇති බව හා මහා පරිමාණ බිත්තර ගොවිපළ සියයට පනහක් (50%) මේ වනවිට අඩාළ වී ඇති බව සභාපතිවරයා කීවේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ වනවිට බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් තිස් පහකින් පමණ ඉහළ ගොස් ඇති බවය.
රුපියල් හැටට මිලදී ගත් කුකුළු කෑම කිලෝවක් ද ඩොලර් හිඟයත් සමග රුපියල් දෙසිය පනහ දක්වා ඉහළ ගොස් ඇති බව හෙතෙම කීය.
අලුතින් ගොවිපළක් ආරම්භ කරනා පුද්ගලයෙකුට කිකිළියන් දහසක් සෑදීමට ලක්ෂ විස්සකට අධික මුදලක් වැය වන බවත් බිත්තර කර්මාන්තයට අවශ්‍ය ද්‍රව්‍යවල මිල බෙහෙවින් ඉහළ ගොස් ඇති හෙයින් ග්‍රාමීය කර්මාන්තයක් ලෙස කෙරෙන බිත්තර නිෂ්පාදනයට දැඩි බලපෑම් එල්ල වී ඇති බැවින් පාරම්පරික බිත්තර ගොවීන් රැසක් මේ වනවිට බිත්තර නිෂ්පාදනය අත්හැර කොහුබත් නිෂ්පාදනය වැනි වෙනත් ව්‍යාපාර සඳහා යොමු වී ඇති බව ද හෙතෙම කීය.
සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වයන්ට විසඳුම් ලැබෙනතෙක් ඉදිරියේදී බිත්තර මිල තව තවත් ඉහළ යාමේ අවදානමක් පවතින බවය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ