අවුරුදු 15 ක් වයසැති පිරිමි දරුවකු බරපතළ ලෙස අපයෝජනයක් සඳහා පොළඹවා ගැනීමේ චෝදනාවට ලක්වූ 29 වියෑති විවාහක කාන්තාවක් මෙම මස 11 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා ඊයේ (31) නියෝග කළා.
මෙම කාන්තාව වින්දිත දරුවා හඳුනාගෙන ඇත්තේ මුහුණු පොත ඔස්සේය. එම දරුවා නිසි ලෙස පාසල් නොයන දරුවකු බව පැවසේ. දරුවා දැන හඳුනාගත් කාන්තාව ඔහු උපක්රමිකව තමන් ළඟට ගෙන්වාගෙන අවස්ථා කිහිපයකදී අපයෝජනය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. ඉන්පසු දරුවා පදිංචි ප්‍රදේශයට ගොස් ඇති බවත් මේ පිළිබඳව දරුවාගේ දෙමාපියන් පරිවාස නිලධාරීන් වෙත දැනුම් දීමෙන් පසු අදාළ කාන්තාව අත්අඩංගුවට ගත් බවත් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියා.
විවාහ වුවද දරුවන් නොමැති මෙම විත්තිකාරිය මාස හතරක පමණ කාලයක් පිරිමි දරුවා අපයෝජනයට ලක් කොට ඇති බව ද එම නිලධාරීන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියා. ඒ අනුව කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා විත්තිකාරිය රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට නියෝග කළා.
මෙහිදී වින්දිත දරුවා ද අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර වාර්තාවක් ලබාගන්නා ලෙසට ද මහෙස්ත්‍රාත් නියෝග කළා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ