තුර්කිය තමන්ගේ රටේ නම වෙනස් කරල තිබෙනවා.
ඉදිරියට තුර්කිය හදුන්වන්නේ Turkiye කියල .
එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ අදාල නම සංශෝධනය සදහා තුර්කිය කරපු විධිමත් ඉල්ලීමකට එකඟ වීමෙන් පස්සේ එලෙස නම්කලා කියල .
තුර්කියේ කියලා කියන්නේ තුර්කි ජනතාවගේ සංස්කෘතිය, ශිෂ්ටාචාරය සහ සාරධර්මවල හොඳම නියෝජනය සහ ප්රකාශනයයි, මෙහෙම කිව්වේ එරට ජනපති ” Recep Tayyip Erdogan , ඒ පසුගිය දෙසැම්බර් මාසයේදී .
බොහෝ තුර්කි ජාතිකයන් දැනටමත් තම රට Türkiye ලෙස හඳුන්වනවා.
මේ විදිහට විවිධ හේතු හින්දා තමන්ගේ රටේ නම වෙනස් කරපු තවත් රටවල් ගොඩක් තියෙනවා , අපි ඒ ගැන පොඩ්ඩක් මතක් කරමුද ?
පර්සියාව – ඉරානය උනා , සියම – තායිලන්තය උනා , එතකොට බුරුමය, බුරුමය – මියන්මාරය උනා , ඕලන්දය දැන් හදුන්වන්නේ නෙදර්ලන්තය කියලා .
More Stories
චීන-බ්රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්රසීල සංචාරය
වීසා රහිත ප්රතිපත්තිය ක්රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්