පෙර නොවූ විරූ ආර්ථික අර්බුදවලින් බැටකමින් පොර බදමින් සිටින ශ්‍රී ලංකාවේ ජනතාවට සති 07ක තරඟ සංචාරයක් සඳහා සිය පැමිණීම යම් ප්‍රීතියක් ගෙන එනු ඇති බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇරෝන් ෆින්ච් පවසනවා.
වසර 06කට පමණ පසුව ඕස්ට්‍රේලියාව T20, එක්දින සහ ටෙස්ට් තරඟ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබෙනවා. පසුගිය මාසයේ රට තුළ පැවති උණුසුම්කාරී ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය අවිනිශ්චිත තත්ත්වයක් ඇතිව තිබුණා.
ශ්‍රී ලංකා තරඟ සංචාරය පිළිබඳව ප්‍රංශ පුවත් ඒජන්සිය වෙත අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයා කියා සිටියේ හොඳ ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීමට බලාපොරොත්තු වෙන බවත්, එමඟින් ශ්‍රී ලංකාවට යම් ප්‍රීතියක් සහ විනෝදාස්වාදයක් ගෙන ඒමට හැකි වනු ඇති බවයි.
ලෝකයට පණිවිඩයක් ලබාදෙමින් ඇරෝන් පවසා තිබුණේ “එය සංචාරය කිරීමට එතරම්ම විශේෂ ස්ථානයකි. ඔබට මෙහි ලැබෙන ආගන්තුක සත්කාරය, සුහදශීලී බව සහ ක්‍රීඩාවට ඔවුන් දක්වන ආදරය ඇදහිය නොහැකියි” බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැනද අදහස් දක්වමින් ෆින්ච් වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් ප්‍රබල කණ්ඩායමත් බවත්, ඉතාමත් ප්‍රවේගකාරී තරඟ කිහිපයක්ම දෙරට අතර පැවති බවයි.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි