26හැවිරිදි තරුණයෙකු මියයයි

අහංගම දික්කුඹුර මාර්ගයේ පාංචාලිය විදුහල අසලදි වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ දික්වැල්ල දඹගස්ආර පදිංචිකරුවකු වන ලියන පටබැඳිගේ කසුන් චාමර නමැති 26හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු මිතුරකු සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා පළාගොස් තිබේ.

ඝාතනය ලක්වු පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට පැමිණ ඇති අයකු බවට තොරතුරු අනාවරණයවි තිබේ.

ජාවාරම්කරුවන් අතර පවතින ආරවුලක් හේතුවෙන් සිදු කරන ලද ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය විසින් පරික්ෂණ පවත්වනු ලබන බවයි පොලිසිය පවසන්නේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com