අද සිට සති 6ක් මෙල්බන් නුවරට රාත්‍රී කාලයේ ඇඳිරිනීතිය

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර අද සිට සති හයක කාලයක් රාත්‍රි කාලයේ ඇඳිරිනීතිය පැනවීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ දිනෙන් දින ඉහළ යන ආසාදිතයන් සංඛ්‍යාව හේතුවෙන්.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා සහ හදිසි ප්‍රතිකාර සේවාවලට හැර සෑම දිනකම රාත්‍රී 8 සිට පසු දා පෙරවරු 5 දක්වා මෙල්බර්න් නගරයට ඇඳිරි නීතිය බලාත්මක වේ.

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට නිවසින් බැහැරව යා හැකිවන්නේ එක් නිවසකින් එක් අයෙකුට පමණක් වන අතර ඒ සඳහා දහවල් කාලයේ දී පමණක් යා යුතු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com