අන්තර්ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂිත ”සිව්මහ වාණිජ නගර” අතරට හම්බන්තොට දිස්ත්‍රික්කය එක්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා.
කොළඹ, යාපනය සහ ති‍්‍රකුණාමලය ”සිව්මහ වාණිජ නගර” අතරට එක් කෙරෙන සෙසු දිස්ති‍්‍රක්කයි.
සිව්මහ නගරවල වරාය සහ ගුවන්තොටුපොළ කේන්ද්‍ර කර ”සී හැඩය” ගන්නා ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කර ජාත්‍යාන්තර වෙළෙඳපොළ හා තරග කරන රටක් ගොඩනගන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
අමාත්‍ය චමල් රාජපක්ෂ තිස්සමහාරාමය බස් නැවතුම්පොළ අසළ සංවිධාන කළ ජන හමුවෙන් ජනාධිපතිවරයාගේ හම්බන්තොට දිස්ති‍්‍රක් චාරිකාව අද(02) ආරම්භ කෙරුණා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ