කැකුළු සහල් අළෙවිය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.
අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කලේ ඊයේ සිට මෙය බලපැවැත්වෙන බවයි.
ඒ අනුව දේශීය සුදු හෝ රතු කැකුළු සහල් කිලෝවක් අළෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 210ක්.
මෙම උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළඳාම් කිරීම – සැපයීම – වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළඳාම් කිරීම සඳහා ප්රදර්ශනය කිරීම නොකළ යුතු බවටයි ගැසට් නිවේදනය මඟින් නියෝග කර ඇත්තේ.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ