අමෙරිකාවේ කොවිඩ්-19 නීති තවදුරටත් ලිහිල් කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇති බවට වාර්තා වී ඇත.
ඒ අනුව හෙට (12) දින සිට බලපැවැත්වෙන පරිදි එම නීති ලිහිල් කරන බව එරට රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.
මීට පෙර , වෙනත් රටක සිට පැමිණෙන පුද්ගලයින්ට අමෙරිකාවට ඇතුළුවීමට පෙර කොවිඩ්-19 පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කර තිබුණි.
කෙසේනමුදු කොවිඩ් වෛරසයට එරෙහි සටනේදී රට අත්පත් කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සලකා බලා එම නීතිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බව එරට රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කර තිබෙයි.
More Stories
ඇමරිකාවේ තීරුබදු පියවර තුළින් චීන ආර්ථිකයට දිගුකාලීනව බලපෑම් කිරීමට ප්රයත්න දැරීම සිහිනයකි
TikTok තහනම් නීතිය යළිත් දින 75කින් කල් දමයි
ඇමරිකානු තීරුබදු පැනවීමට එරෙහිව චීන රජයෙන් ප්‍රතිපියවර