ඉදිරි දෙසතියේ පාසල් කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

ඉදිරි දෙසතියේ පාසල් කටයුතු පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා, අතිරේක ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හා පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සහභාගී වන බව සඳහන්.

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ පාසල් කටයුතු ඔන්ලයින් ක‍්‍රමවේදයෙන් පවත්වනවා ද, නොඓසේ නම් සාමාන්‍ය පරිදි සිසුන් පාසලට කැඳවනවා ද යන්න සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේ දී අවසන් තීරණයකට එළැඹෙනු ඇති.

පවතින ප‍්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ළඟම පාසලට දරුවන් තාවකාලිකව යොමු කිරීමේ ක‍්‍රමවේදයක් සකස් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

දෙසැම්බර් 31 වැනිදා දක්වා එය ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

ප‍්‍රවාහන ගැටළු අවම වන පරිදි ගුරුවරුන් ද ළඟම පාසල වෙත තාවකාලිකව අනුයුක්ත කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com