සතියක කාලයක් සඳහා කොළඹ නගරයේ සියලු පාසල් වසාදැමීමට තීරණය කර තිබෙනවා.
ඉන්ධන අර්බුදය හමුවේ උද්ගතව ඇති ප්‍රවාහන අසීරුතා හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එම්.එන්. රණසිංහ මහතා සඳහන් කළේ.
එමෙන්ම තදාසන්න නගරවල පාසල් එම සතිය තුළ ඔන්ලයින් ක්‍රමවේදයට ඉගැන්වීම් කටයුතු සිදුකිරීමටත් තීරණය කර තිබෙනවා.
ප්‍රවාහන ගැටලු නොමැති ග්‍රාමීය පාසල් – විදුහල්පතිවරුන්ගේ අභිමතය පරිදි පවත්වාගෙන යා හැකියි.
එළඹෙන 25 වන දින අධ්‍යාපන බලධාරීන් රැස්වී නව ක්‍රමවේදය සමාලෝචනය කර ඉදිරි කටයුතු සැළසුම් කරනු ඇති.
ඔන්ලයින් අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක දහවල් කාලය තුළ විදුලි කප්පාදුවක් සිදුනොකරන ලෙස මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කළ බවයි අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව