පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, මාදිවෙල, තලපත්පිටිය, උඩහමුල්ල, ඇඹුල්දෙණිය, නුගේගොඩ, පාගොඩ සිට විජේරාම හන්දියේ හයිලෙවල් මාර්ගයේ හතේ කණුව සහ ඊට සම්බන්ධ අතුරු මාර්ගවලට අද(25) රාත්‍රී 10.00 සිට හෙට (26) උදෑසන 8.00 දක්වා පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා.
නුගේගොඩ හන්දියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාල පාර සහ ඊට සම්බන්ධ අතුරු මාර්ගවලට ද අද රාත්‍රී 10.00 සිට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ