වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී තොග උපයෝගී කර ගනිමින් නිෂ්පාදනය කරන ලද PMB Rice සහල් අලෙවිසැල අද (27) දින කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේදී විවෘත විය.
ඊට සමගාමීව මිල්කෝ සමාගමේ නිෂ්පාදන අලෙවිසැලක් ද, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ පොල්, පොල්තෙල්, කිරි ඇතුළු නිෂ්පාදන ජංගම අලෙවිසැල ද එම පරිශ්‍රයේදීම විවෘත කරනු ලැබීය.
කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදුවූ අතර, එම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර, වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස්, මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා යන මහත්වරු ද සහභාගී වූහ.
වෙළඳපොළ සහල් මිල ඉහළ යාම සහ ගුණාත්මකභාවයෙන් උසස් සහල් ලබාදීම අරමුණු කරගනිමින් PMB Rice නිෂ්පාදනය කළ අතර, ඒවා පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට සතොස වෙළඳසැල් මඟින් ද බෙදාහැරීමට කටයුතු යොදා ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම වී අලෙවි මණ්ඩලය මඟින් යල කන්නයේ වී මිලදී ගැනීමට ද අපේක්ෂා කරන බැවින් මෙම සහල් සැපයීම අඛණ්ඩව සිදු කිරීමට කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා
කෘෂිකර්ම අමාත්‍යාංශය භාර ගැනීමට සිදු වුයේ ඉතාමත් අභියෝගකාරී අවස්ථාවකදීය.
මින් පෙර ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය ඉන්පසු කෘෂිකර්ම අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස වගකීම භාරගැනීම සිදු වුයේ ඉතාමත් අර්බුදකාරී අවස්ථාවක වුවත්, එම අභියෝගය ජය ගැනීමටත් සියලුදෙනා එක්ව කටයුතු කිරීම නිසා හැකියාව ලැබුණා.
මෙවර කෘෂිකර්ම අමාත්‍යාංශය භාර ගන්නා විට අප රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ විශාල ගැටළුකාරී ස්වභාවයක් පැවතුණේ ගොවි ජනතාව විසින් වගාවට අවශ්‍ය පොහොර, කෘමිනාශක නොමැතිකම නිසා ආරම්භ කළ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස අද වනවිට රට තුළ විශාල වශයෙන් අරගලකාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.
අද අපේ රටේ උද්ඝෝෂණවලට සහ අරගලවලට ජීවය සැපයුයේ ගොවි ජනතාව බව කිව යුතුයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය මා භාර ගන්නා විට යල කන්නයේ කුඹුරු වගා කර තිබුණේ, හෙක්ටයාර 2,48,000ක් වැනි ප්‍රමාණයක්.
නමුත් මේ වනවිට එම ප්‍රමාණය හෙක්ටයාර 4,75,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද විවෘත වන මෙම PMB Rice අලෙවිසැල ඔස්සේ රාජ්‍ය සේවකයන්ට යම් සහන මිලකට සහල්, හයිලන්ඩ් කිරි පිටි සහ වෙනත් නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්.
මම වී අලෙවි මණ්ඩලයේ සභාපතිතුමාගෙන් විමසුවා මෙම PMB Rice දිගටම අඛණ්ඩව සපයන්න පුළුවන් ද කියලා. සභාපතිතුමා ඒ වගකීම භාරගත්තා.
වී අලෙවි මණ්ඩලයේ සහල් සතොස වෙළඳසැල්වලටත් ලබා දෙනවා.
සමහරවිට රටේ සමස්ථ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නට අපිට නොහැකි වුණත්, මෙම අලෙවිසැල් මඟින් කිසියම් සහනයක් ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.
මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනිමට නම් සියලුදෙනාගේ සහයෝගය අපට අවශ්‍යයි.
ඒ වාගේම ජනමාධ්‍ය සහෝදරයින්ගෙන් මම ඉල්ලා සිටින්නේ හෙට ඉඳන් සමහර අලෙවිසැල්වලට ගොස් වී අලෙවි මණ්ඩලයේ සහල් තිබෙනවා ද කියලා විමසා නැති වුණොත්, ඒවා විවේචනය නොකරන ලෙසයි.
මොකද අපි වී අලෙවි මණ්ඩලයේ සහල් සපයන්නේ වෙළඳපොළ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමිනුයි. දැනට වෙළඳපොලේ සහල් හිඟයක් නැහැ. සහල් අවශ්‍ය තරම් තිබෙනවා.
ඒ වාගේම වවුනියාව, මුලතිව්, අම්පාර වැනි ප්‍රදේශවල මේ වනවිට අස්වනු නෙලනවා.
එම වී සහ සහල් ඉදිරියේදී වෙළඳපොලට එනවා. ඒ නිසා ඉදිරියේදී සහල් මිල තවත් අඩුවෙන්න පුළුවන්.
ඒ වාගේම වී මිලත්, මේ වනවිට අවම වෙමින් තියෙනවා. යල කන්නයේ වී මිලදී ගැනීමට සූදානම් වන ලෙස මම වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන්නා.
ඒ නිසා ඉදිරි කාලය තුළ අප රටේ සහල් හිඟයක් ඇති වෙන්නේ නෑ. නමුත් අපි වී අලෙවි මණ්ඩලයේ සහල් සැපයීම දිගටම සිදු කරනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ