විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම යළි තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ජනාධිපති අතිරේක ලේකම් විදේශ සබඳතා අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ එම කටයුතු ලබන 8 වනදා සිට යලි ආරම්භ කරන බවයි.
ඒ අනුව ලබන 8 වනදා ඩුබායි හි රැදී සිටින ශ්‍රී ලාංකිකයින් 600 කට අධික පිරිසක් මෙරටට ගෙන්වීමට නියමිතයි.
ඉන් අනතුරුව මාලදිවයින, ඔස්ට්‍රේලියාව , කටාර්, ඕමාන්, බහරේන්, මැලේසියාව, සිංගප්පූරුව සහ ඉන්දියාව ඇතුලු රටවල්වල රැදී සිටින ශ්‍රී ලාංකිකයින් ද මෙරටට ගෙන්වා ගනු ඇති.
මහ මැතිවරණ රාජකාරී සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සෞඛ්‍ය නිලධාරීන් අනියුක්ත කර සිටීමත් සමග විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ඇතුලු කර ගැනීමේ දී මතුවිය හැකි බාධා හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ