දෙහිවල ජාතික සත්වෝද්‍යානයට අද දිනට වසර 86 ක් සපිරෙනවා.
1936 වසරේදී ආරම්භ කළ මෙම සත්වෝද්‍යානය මේ වනවිට සතුන් 4000 කට පමණ නවාතැන් සපයන දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමද ආකර්ශණය දිනා ඇති සංචාරක ගමනාන්තයක්.
ක්ෂීරපායි සත්ව විශේෂ 100 ක්, පක්ෂි විශේෂ 110 ක්, මත්ස්‍ය විශේෂ 65 ක්, උරග විශේෂ 34 ක්, උභය ජීවී විශේෂ 3ක්, සමනල් විශේෂ 30 ක් සහ සාගර ජීවී විශේෂ 10 ක් දෙහිවල සත්වෝද්‍යානයේ මේ වන විට වාසය කරනවා.
එම සතුන් සඳහා ආහාර ලබා දීමට මාසිකව රුපියල් මිලියන 45 ක මුදලක් වැය වන බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
රටතුල පවතින අර්බුධකාරී වාතාවරණය හමුවේ එම මුදල සපුරා ගැනීමට දැඩි අභියෝගයක් එල්ලවී ඇති අතර සංවත්සරයට සමගාමීව ඒ සඳහා මාපිය කැපකරු වැඩසටහන නමින් නව වැඩපිළිවලක් අද සිට ආරම්භ කිරීමට නියමිතයි.
ඒ අනුව සත්වෝද්‍යානයේ එක් සත්ත්වයෙකු හෝ සත්ව කණ්ඩායමක් භාර ගෙන ඔවුන්ට ආහාර ලබාදීමට මෙරට ඕනෑම පුරවැසියෙකුට හැකියාව පවතින බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තිලක් පේ්රමකාන්ත මහතා කියා සිටියේ.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ