කොළඹ කොටුව ප‍්‍රදේශයේ උද්ඝෝෂණයකට සූදානම්වන පාර්ශව කිහිපයකට කොළඹ අලුත්කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අඥාවක් නිකුත් කර තිබෙනවා.
ඒ සංවිධාන කිහිපයක නායකත්වය ගෙන කටයුතු කරන භික්ෂුන් වහන්සේ හා සර්ව ආගමික පූජකවරුන් ඇතුළු එම සංවිධානවල සමාජිකයන් සඳහායි.
විරෝධතාකරුවන් පිරිස පිටකොටුව පොලිස් වසමේ ඕල්කට් මාවත – ශ‍්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය ඉදිරිපිට මාර්ගයේ අට්ටාලයක් සකස් කර රැඳි සිටීමට සූදානමක් ඇති බවට දැනුම් දෙමින් පිටකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අධිකරණයෙන් මෙම ඉල්ලීම සිදු කර තිබුණා.
ඒ අනුව ‘සුරකිමු ලංකා‘ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි, ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංවිධානයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි, භූමි මාතා මනුසත් පදනමේ නිර්මාතෲ පූජ්‍ය කළුබෝවිල පදුම හිමි ඇතුළු පිරිසකට අද දින අදාළ ස්ථානයට පැමිණීම තහනම් වනු ඇති.
පොලිස් මූලස්ථානය නිවේදනය කලේ මෙම ආඥාව කඩ කිරීම ලංකා දණ්ඩ නීති සංග‍්‍රහය අනුව වරදක් බවයි.
අතිපූජ්‍ය මහ නායක හිමිවරුන්ගේ ඉල්ලීමට අනුව ඉවත් නොවී තවදුරටත් බලයේ රැඳී සිටින ජනපීඩක ආණ්ඩුවට එරෙහිව අද සිට අඛණ්ඩ සත්‍යග‍්‍රහයක් කි‍්‍රයාත්මක කරන බව භික්ෂු සංවිධාන එකමුතුව ඊයේ නිවේදනය කළා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ‍්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ