නෝ ඩීල් ගම ඉවත් කර ගනියි

අරලියගහ මන්දිරය ඉදිරිපිට ස්ථාපනය කර තිබූ නෝ ඩීල් ගම එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එවක අගමැතිවරයාව සිටි මහින්ද රාජපක්ෂට ඉවත් වන ලෙස බල කරමින් එම ස්ථානයේ “මයිනා ගෝ ගම” නමින් මහජන විරෝධතාවක් ආරම්භ කිරීමට කටයුතු කළා.

පසුව මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත්වූ අතර එහිදී මෙම ස්ථානය “නෝ ඩීල් ගම” නමින් නම් කරමින් මහජන විරෝධතාවයක් ආරම්භ කළා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com