නව රජයේ අමාත්‍ය මණ්ඩලය මීට ටික වේලාවකට පෙර දිවුරුම් දෙනු ලැබුවා.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී.
නව කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරුන් 18 දෙනෙකු ඇතුළත්.
ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පළමුව දිවුරුම් දෙනු ලැබූවේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසයි.
ධීවර අමාත්‍ය ධුරය ඩග්ලස් දේවානන්දා මහතාට හිමිවුණා.
අධ්‍යාපන අමාත්‍ය ධූරයේ සුසිල් ප්‍රේමජයන්ත මහතාත්
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරය බන්දුල ගුණවර්ධන මහතාත් දිවුරුම් දුන්නා.
සෞඛ්‍ය හා ජල සම්පාදන අමාත්‍යධුරය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පැවරුණා.
කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය මහින්ද අමරවීර මහතාට ලබා දී තිබෙනවා.
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ විජයදාස රාජපක්ෂ මහතායි.
සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය හරීන් ප්‍රනාන්දු මහතාට හිමිව තිබෙනවා.
වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වැවිලි හා කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්
ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා.
විදේශ කටයුතු අමාත්‍ය අමාත්‍යාංශය හිමිව ඇත්තේ අලි සබ්රි මහතාටයි.
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස විදුර වික්‍රමනායක මහතා දිවුරුම් දුන්නා.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධූරයට කංචන විජේසේකර මහතා යළි පත්ව තිබෙනවා.
පරිසර අමාත්‍යය හිමි වුණේ නෂීර් අහමඩ් මහතාටයි.
ක්‍රීඩා, යෞවන හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස රොශාන් රණසිංහ මහතා පත් කෙරුණා.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මනූෂ නානායක්කාර මහතාට පැවරී තිබෙනවා.
ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසයි දිවුරුම් දෙනු ලැබුවේ.
වෙළඳ වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙස නලින් රුවන්ජීව ප්‍රනාන්දු මහතා ජනධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දුන්නා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව