Wentian පර්යේෂණාත්මක මොඩියුලය කක්ෂයට ඇතුළු වීමෙන් පසු තත්ත්ව සැකසුම සාර්ථකව සම්පූර්ණ කළ බව චීන අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය පවසයි.
චීනයේ Wenchang අභ්‍යවකාශ යානා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට Long March 5 B ප්‍රවාහක රොකට්ටුවේ ආධාරයෙන් 24වැනිදා Wentian පර්යේෂණාත්මක මොඩියුලය නිකුත් කෙරිණ.
ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු සිදුවන 24 වැනි මෙහෙයුම මෙය යි. මෙය චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රථම විද්‍යාත්මක පර්යේෂණාත්මක මොඩියුලය වීම ද විශේෂත්වයකි.
බෙයිජිං වේලාවෙන් ඊයේ (25)3:13 ට Wentian පර්යේෂණාත්මක මොඩියුලය Tianhe කේන්ද්‍රීය මොඩියුලයේ ඉදිරි පිවිසුම සමඟ සාර්ථකව සංයෝජනය වී තිබේ. සම්පූර්ණ සංයෝජන ක්‍රියාවලියට පැය 13ක් පමණ ගතවිය.
Tianhe කේන්ද්‍රීය මොඩියුලයේ රැඳී සිටින Shenzhou 14 ගගනගාමීහූ 10:03 ට Wentian පර්යේෂණාත්මක මොඩියුලයේ දොර විවෘත කර, මොඩියුලයට සාර්ථකව ඇතුළු වූහ. චීන ගගනගාමීන් කක්ෂගතව විද්‍යා පර්යේෂණාත්මක මොඩියුලයකට ඇතුළු වූ පළමු අවස්ථාව මෙයයි. සැලසුම් කළ පරිදි කක්ෂ ගත කාර්යයන් සිදු කෙරෙනු ඇති අතර ගගනගාමීහූ මොඩියුලයෙන් බාහිර ක්‍රියාකාරකම් සිදු කිරීමට ද නියමිතව සිටිති
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්