බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසේත් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.
සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් සියය ඉක්ම වූ වැසි ද ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලත් සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 පමණ දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ.
දිවයිනේ දිස්ත්‍රික්ක 7 කට බලපෑම් එල්ල කළ අයහපත් කාළගුණය හේතුවෙන් ඊයේ පස්වරුව වන විට පවුල් 2911 කට අයත් පුද්ගලයින් 11821 දෙනෙකු පීඩාවට පත්ව තිබුණා.
පුද්ගල මරණ 4 ක් සහ අතුරුදන්වීම් 4 ක් වාර්තාවී තිබූ අතර නිවාස 257 කට අර්ධ හානි සිදුව ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කලේ.
මේ අතර දිවයිනේ දිස්ති‍්‍රක්ක 8 කට අදාළව නිකුත් කළ නායයෑමේ අවදානම් තත්ත්වය ද තවදුරටත් කි‍්‍රයාත්මකයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ