වයස අවුරුදු 16-20 අතර දරුවන්ට අර්ධකාලීන රැකියා කිරීමට අවස්ථාව

සතියකට පැය විස්සක උපරිමයකට යටත්ව වයස අවුරුදු 16 -20 අතර තරුණ තරුණියන්ට අර්ධකාලීන රැකියාවන්හි නිරතවීමට ප්‍රතිපාදන ඇතුළත් වන පරිදි කම්කරු නීති සංශෝධනයට අවධානය යොමුව තිබෙනවා.

සියලු රැකියාවන්ට එක හා සමානව ගරු කරන ශ්‍රමයේ ගරුත්වය පිළිබඳ හැඟීමක් නිර්මාණය කිරීම, කිසිඳු රැකියාවක් කිසිඳු පදනමකින් වෙනස් කොට නොසැලකීමට හුරු කරවීම සහ පාසල් වියේදීම තරුණ තරුණියන්ට වැඩ පරිසරයට හුරු කිරීම මෙහි අරමුණ බවයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඒ අනුව මෙහිදී දැනට අවදානම් සහගත රැකියා ලෙස හඳුනා ගෙන ඇති රැකියාවන්හී නිරත වීමට අදාල වයස් ඛාණ්ඩයේ දරුවන්ට අවසර නොලැබෙන බවත් ඊට පරිභාහිරව අවන්හල් – සුපිරිවෙළඳසල් සහ පිරිසිඳු කිරීම් ආශ්‍රිත අර්ධකාලීන රැකියාවන්හි නිරත වීමට දරුවන්ට අවස්ථාව ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

නිසි පරිදි වැටුප් ගෙවීම – ආරක්ෂාව සැපයීම සහ ගරුත්වය සුරැකීම සේවා යෝජකයාගේ වගකීම වන අතර, සේවක අර්ථ සාධක අරමුදලට සම්බන්ධ කිරීමට ද කටයුතු කරන බවයි අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com