ඊසානදිග චීනයේ පැරණි කාර්මික කලාපයේ පුනර්ජීවනය කෙරෙහි චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ අවධානය යොමුවෙයි.
ජනාධිපතිවරයා ඊයේ(16) සවස Liaoning පළාතේ Jinzhou නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. Donghu වනෝද්‍යානයට පැමිණි හෙතෙම එහි සිටි සංචාරකයන් සමග පිළිසඳරකට එක්විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වන ජාතික නියෝජිත සම්මේලනයෙන් අනතුරුව පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊසානදිග ප්‍රදේශයේ පුනර්ජීවන උපායමාර්ගය පුළුල් ලෙස ක්‍රියාත්මක කර ඇතැයි ෂී ජින්පිං මහතා එම අවස්ථාවේදී කියා සිටියේය.
නව යුගයේ ප්‍රතිසංස්කරණ හා සංවර්ධන අවශ්‍යතාවන්ට අනුකූල ව කර්මාන්ත ව්‍යුහය සකස් කිරීම කඩිනම් කළ යුතු බවත්, තමා ඊසානදිග ප්‍රදේශයේ පුනර්ජීවනය කෙරේ පූර්ණ විශ්වාසයකින් පසු වන බවත් ජනාධිපතිවරයා පැවසීය.
මේ අතර, Jinzhou නගරයේ Xiaoling හා Nu’er ගංගාවන්හි ගංවතුර පාලනය කිරීමේ තත්ත්වය ද හෙතෙම නිරීක්ෂණය කළේය. විවිධ මට්ටම්වල රජයන් හා පක්ෂ කමිටු, ආපදා කටයුතු සැලකිලිමත්ව සිදු කරමින් විපතට පත් ජනතාව ප්රශස්ත අයුරින් නගාසිටුවිය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු හා ජනජීවිතය හැකි ඉක්මනින් විධිමත් තත්ත්වයට පත්කිරීම සඳහා පශ්චාත් ආපදා සංවර්ධන සැලැස්ම නිසිලෙස ක්‍රියාවට නංවමින් ජන ජීවිතය සහතික කළ යුතු බවට ඔහු උපදෙස් දී තිබේ.
More Stories
තර්ජනය කිරීම චීනය සමග කටයුතු කිරීමේ නිසි ක්‍රමය නොවන බව චීනය පවසයි
සමබර සංවර්ධන ආකෘතියක් වෙනුවෙන් ජනපති ෂී ජින් පිං ඉදිරිපත් කළ කලාපීය සම්බන්ධීකරණ සංවර්ධන උපාය මාර්ගයෙන් සාර්ථක ප්‍රතිඵල
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය