රට දිනවන අරගලයේ දෙවැනි රැල්ල යනුවෙන් කොළඹ වෝක්ෂෝල් වීදියේ ස්ථානයක ඊයේ ආරම්භ කළ අරගල ජාතික මධ්‍යස්ථාන පිළිබඳ විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පෙලිස්පති දේශබන්දු තෙන්කෝන් මහතා විසින් උසස් පොලිස් නිලධාරීන්ට ලිඛිතව නියෝග කර ඇති බව වාර්තා වනවා.
ප්‍රබල දේශපානඥයකුගේ මෙහෙයවීම යටතේ මෙම නව ව්‍යාපාරය කි‍්‍රයාත්මක වන බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.
අරගල ජාතික මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් පත්කර ඇති පුද්ගලයා එම ප්‍රබල දේශපාලනඥයා සමඟ සමීපව කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බව සඳහන්.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ